ඥානක්කා පළමුවරට හඬ අවදි කරයි, හඬමින් මාධ්‍යට කියූ කතාව වීඩියෝ සහිතයි.. (VIDEO)

President of Sri lanka Gota Go Gama
By Sithumi May 22, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි. 

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්‍රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි. තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.

ඇය කළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න ,