ඇගලුම් කර්මාන්තය ගැන ඇහෙන අවාසනාවන්ත කතාව

By Sithumi May 23, 2023 05:51 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24කින් පමණ පහළ වැටිය හැකි බවට එම ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබෙනවා.

ඇඟලුම් අපනයනය මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්තව සිටින අතර ඉන් බහුතරය කාන්තාවන් වනවා.

2022 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.95ක් වන අතර එහෙත් මෙම අවුරුද්දේ ගෙවුණු මාස හතරේ මෙරට ඇඟලුම් අපනයන ආදායමේ ක්‍රමික පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

ජනවාරි මාසෙ අමෙරිකානු ඩොලර් මිලියන 397ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 398ක්, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 388ක් වශයෙන් වාර්තා වුණු මෙරට ඇඟලුම් අපනයන ආදායම අප්‍රේල් මාසයේ සටහන් ව තිබුණේ ඩොලර් මිලියන 318ක් ලෙසයි. මේ අවුරුද්දේ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකින් පමණ, එසේ නැතිනම්  24% කින් පමණ පහළ වැටිය හැකි බවයි ඇඟලුම් ක්ෂේත්‍රෙය් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ .

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟලුම් ඉල්ලුම පහතවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, එම ඉල්ලුම ඉදිරියේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් එහි සඳහන් වනවා.

මෙවන් වාතාවරණයක මෙරට ඇඟලුම් කර්මාන්තශාලා රැකගැනීම මෙන්ම අපනයන අවස්ථා වර්ධනය කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එහෙත් දහසකට ආසන්න පිරිසක් සේවයේ නිරත වන මීපේ ප්‍රදේශයේ පිහිටි MRC ඇසෝසියේට්ස් ගාමන්ට් පෞද්ගලික සමාගම වසාදැමීමට තීරණය කළ බව එය අයත් හයිඩ්‍රාමනි සමූහය ද ඊයේ (22) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

මෙරට ප්‍රධාන ඇඟලුම් ගැනුම්කරුවන් වන අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් රාජධානියද ගෙවුණු මාස හතරේ සිය ආනයන අඩු කර තිබෙනවා. ඇඟලුම් අපනයනකරුවන් පෙන්වා දෙන්නේ විකල්ප වෙළෙඳපොළ වෙත යොමුවීමට සොයාබලමින් සිටින බවයි