තෙල් පෝලිම්වල පිරිස් මහ පාරේ මිනිසුන් සිදුකළ දේවල්.. (VIDEO)
අලුත්ගම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ රියැදුරන් පිරිසක් තම බස් රථ වලට ඩීසල් ලබා ගැනීමේ අරමුණෙන් දින ගනන් අඛණ්ඩව ඉන්ධනහල් පෝලිමේ සිටිමින් එම මහා මාර්ගය අයිනේ දීම ප්‍රදේශවාසීන් ලබාදුන් කොස්, දෙල්ගෙඩි, මයියොක්කා, සහ පොල් ගෙඩි සුද්ද පවිත්‍ර කර දර ලීප් සකසා ඉවුංපිහුං කරගෙන ඉන්ධන පෝලිමේ සිටි සෙස්සන්ටත් මාර්ගයේ ගමන් ගත් පිරිසටත් දී තම කුස පුරවා ගැනීමට කටයුතු කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් කේ පි කුමාරරත්න අද (19) මහතා පැවසීය.
බස් රථ සේවකයන් අලුත්ගම, දර්ගා නගරය, බේරුවල ඉත්තෑපාන ආදී ප්‍රදේශවල බස් රථ වලට ඩීසල් ලබා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් මෙලෙස දින ගණන් දිවා රෑ ඉන්ධන පෝලිම් වල දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඩිසල් ටිකක් සොයා ගැනීමට උනන්දු වන්නේ තම අඹු දරුවන්ගේ කුස පිරවීමට මිස වෙන කිසිම අරමුණක් පෙරදැරි කරගෙන නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංගමය හරහා අපට ඩ්සල් දෙනවා කිව්වට ඒක අර පොඩි දරුවන් හඬාවැටෙමින් හද එල්ලුවා වගේ කතාවක් පමණක් බවත් ශ්‍රී ලංගමයමගින් ඩීසල් ටිකක් ලැබුණත් ලැබෙන්නේ බලපුළුවන්කාරයීන්ගේ බස්රථ වලට පමණක් බවය. මහ පාරේ ඉදගෙන ඊයේ රෑ ගතකළේ 6 වැනි දිනටයි.අසල්වාසීන් සිය කැමැත්තෙන් ම දෙන කොස් ගෙඩි මයියොක්කා ටික පොල් ගෙඩි ගාලා සකස්කරගෙන මෙතනම පිරිමි අපිම උයන් කාලා කවදහරි ඩිසල් බවුසරයක් එනකන් අඹු දරුවන් ගෙදර තනිකර සිටින ජීවිතයක් තමයි ගත කරන්න වෙලා තියෙන්නේයැයි කීහ.
අපි මේ ගම්බද නිසා මෙහෙම හරි කෝස් ටිකක් මයියොක්කා ටිකක් තම්බන කාලා බඩ පුරවා ගන්නවා ඒ උනාට කොළඹ වැනි නාගරික ප්‍රදේශවල අපි වගේම බස් කර්මාන්තය කරන අයට සල්ලි නැතුව වතුර වීදුරුවක් වත් බොන්න බැරුව පෝලිම් වල ඉන්නවා මේක තමයි ඇත්තම කතාව බලධාරීන් , වගකිය යුතු සියලු දෙනාම මැදිහත්වෙලා දෙයියන්ගේ නාමෙන්අපේ අතේ තියෙන මුදලට ඩීසල්ටිකක් ගන්න ඇයි අපිට මෙහෙම වද දෙන්නේ යැයි ද ඔහු අවසාන වශයෙන් පැවසීය.