ඉන්ධන පෝලිමේදී වෛද්‍යවරයෙකුට පහරදුන් හැටි

By Sithumi Jul 16, 2022 04:55 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන පිරවුම්හලකදී වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය සේවකයෙකුට පහරදීමක් සිදුකර තිබේ. අද (16) එම සිද්ධිය වාර්තා වී තිබුණේ දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ඉන්ධන පිරවුම්හලේදීය.

සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන අවස්ථාවේදී එහි පැමිණි පිරිසක් ඊට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර තිබේ. මෙවැනි පසුබිමක තමන්ට අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවට චෝදනා කරමින් රජයේ රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද රාජකාරීවලින් ඉවත් විය.

කෙසේවෙතත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වලදී විදේශිකයින් වෙනුවෙන් අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ප්‍රදේශවාසීන් සහාය ලබාදුන් බවටත් තොරතුරු වාර්තා වුණි.