මෙරට ගොවීන්ට සුභ ආරංචියක්..

Advanced Agri Farmers Mission
By Sithumi Jul 16, 2023 01:32 PM GMT
Sithumi

Sithumi

Report

නිෂ්පාදනය කරන මහ කන්නයේදී ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර ඇති බවත් ජනාධිපතිවරවයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. 


මේ අතර යල කන්නයේදී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා ලබා දුන් වවුචර් පත් වෙනුවට වෙනුවට මහ කන්නයේදී එම මුදල ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ ගොවීන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි යම් පුද්ගලයෙකු හෝ රජයේ පොහොර සංස්ථාව මගින් කාබනික හෝ රසායනික පොහොර මිලදී ගත හැකි බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ අනුවයි. 

 හෙක්ටයාර් සඳහා රුපියල් 20,000 ක මුදලක් ද, හෙක්ටයාර 02 ක් සඳහා රුපියල් 40,000 ක මුදලක් ද, පොහොර මිලදී ගැනීම සඳහා යල කන්නයේදී වවුචර් පත් මගින් ගොවීන් වෙත නිකුත් කර ඇත.