විදුලි බිලේ සංශෝධනයක්... මහජන උපයෝගිත කොමිසම ඉල්ලයි
විදුලිබිල සංශෝධනයක් අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විදුලි බිල සංශෝධනයක් 2014 වසරෙන් පසුව සිදු නොවී ඇති අතර ගල් අඟුරු සහ ඉන්ධන මිල වැඩි වීම මෙන්ම ඩොලරයේ මිල සැලකිල්ලට ගැනීමේදී විදුලිබල මණ්ඩලය විශාල පාඩුවක් ලබන බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ.
එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මෙම පාඩුව ඉදිරියටත් දරා ගැනීමට විදුලිබල මණ්ඩලයට නොහැකි බවයි. ඒ අනුව විදුලි බිල වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුල තීරණයක් ගන්නා බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
විදුලිබිල වැඩිවන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ජනතාවට දැනුම්දෙන අතර ඒකක 30ත් 60ත් අතර භාවිත කරන අඩු ආදායම් ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි බිල වැඩි කිරීමට අපේක්ෂා නොකරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ වෙනුවෙන් රජයෙන් සහනාධාරයක් ලබා ගනිමින් අනෙක් විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරන බව ජනක රත්නායක ප්‍රකාශ කළා.
ඒ අනුව සියලුම පාර්ශවයන්ට සාධාරණයක් වන ආකාරයෙන් විදුලිබිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි ඔහු කියාසිටියේ.