මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බල මණ්ඩලයට කළ නියමය..
By Sewvandhi
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර තිබේ..
පුනර්ජනනීය බලශක්තිය යටතේ සුලං බලාගාර, සුර්ය බලාගාර සහ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබාගන්නා ලද විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය හිඟ තබා තිබූ මුදල් සම්බන්ධයෙන් එම ආයතන මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කර ඇති අතර එම පැමිණිලි සලකා බලා ඇති කොමිසම ඉදිරි මාස තුන ඇතුළත දී එම මුදල් ගෙවන ලෙසට නියම කර ඇත. මේ වන විට විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත.