බැංකු ණයයි.. වාහනයි.. හැමෝටම ඕනි දේ ගැන මුදල් අමාත්‍යාශයෙන් සුභ ආරංචියක්.. (VIDEO)
උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
එහිදී බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවයි වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය සමග අද සිට භාණ්ඩවලින් 92%ක් තීරුබදු රහිතව ගනුදෙනු කළ හැකි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
එමඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳපොලේ තරඟකාරීත්වය ඉහළ යනු ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වන එක්සත් රාජධානියේ නව වෙළෙඳ වැඩසටහන අද සිට ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රතිලාභ හිමිවන රටවල් 65ට ශ්‍රී ලංකාවද ඇතුළත් වනවා.
දර්ශන - අද දෙරණ