ඩොලරය 230ට නගී විදුලි වේගයෙන්
By Wasantha
මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ දිනය වන විට රු. 202.98ක් විය.
කෙසේ වෙතත් මේ දිනවල රට තුළ පවතින අධික විදේශ මුදල් හිඟය නිසා මේ වනවිට ඩොලර් සඳහා කළු කඩ වෙළඳපොළක් ඇති වී තිබේ.
මේ හේතුවෙන් ගැනුම්කරුවන්ට රුපියල් 230 ක් වැනි ඉහළ මුදලකට ඩොලරයක් මිලදී ගැනීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ආනයන කටයුතු වල යෙදන වෙළඳුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර ඔවුන්ට ණයවර ලිපි පවා විවෘත කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |