දිට්වා කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් අලුත්වැඩියා කිරීමට විශේෂ ව්‍යාපෘතියක්

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ පාලම් 14ක් අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පිහිටි මෙම පාලම් අලුත්වැඩියා කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව මූල්‍ය ආධාර ලබාදීමට එකඟ වී ඇත.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාස 18ක කාලයක් තුළ පාලම් 9ක් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා චීන රජය විසින් රෙන්මින්බි මිලියන 7,929ක මුදලක් ලබාදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ චීන රජය අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, මෙම ව්‍යාපෘතිය රජයේ නිල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.  

මරණය පරදවා නියමුවා ගොඩ ගත් හැටි - රත්මලානෙන් වාර්තා වූ ගුවන් අනතුර

මරණය පරදවා නියමුවා ගොඩ ගත් හැටි - රත්මලානෙන් වාර්තා වූ ගුවන් අනතුර

2027 වසරේ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග දින එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

2027 වසරේ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග දින එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්