යෂ්ගෙන් විජය ගැන විශේෂ ප්‍රශංසාවක් - “ඔහු දිවා රෑ නොබලා වැඩ කරනවා”

Report

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු යෂ්, තමිල්නාඩු මහ ඇමති සහ හිටපු ජනප්‍රිය නළු විජයගේ ජනතාව වෙනුවෙන් වූ කැපවීම පිළිබඳව ප්‍රශංසාව පළ කර තිබේ. යෂ් මේ දිනවල සිය නවතම චිත්‍රපටය වන ‘Toxic: A Fairytale for Grown-Ups’ ප්‍රචාරණ කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.

චිත්‍රපටයේ කණ්ඩායම සමඟ චෙන්නායි වෙත පැමිණි ඔහු ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති විශේෂ උත්සවයකදී විජය පිළිබඳව අදහස් පළ කළේය.

විජයගේ ජනප්‍රියත්වය සහ ජනතාව වෙනුවෙන් ඔහු දක්වන කැපවීම පිළිබඳව අදහස් දක්වමින් යෂ් සඳහන් කළේ, ඔහුගෙන් බොහෝ දේ ඉගෙනගෙන ඇති බවත්, ඔහුගේ කැපවීම සහ ජනතාවගෙන් ලැබී ඇති ආදරය සැමවිටම අගය කළ බවත්ය.

යෂ් නයන්තාරාව ඉහළටම ඔසවයි – ‘ඇය සැබෑම Lady Superstar

යෂ් නයන්තාරාව ඉහළටම ඔසවයි – ‘ඇය සැබෑම Lady Superstar

විශේෂයෙන්ම ‘Toxic’ සහ විජය රංගනයෙන් දායක වන ‘Jana Nayagan’ චිත්‍රපටවල නිෂ්පාදක කේ. වෙන්කට නාරායණ මහතා විජයගේ කැපවීම පිළිබඳව නිතර ප්‍රශංසා කරන බවද යෂ් සඳහන් කළේය. “නාරායණ මහතා විජයගේ උනන්දුව සහ ඔහු උදෑසන සිට රාත්‍රිය දක්වා තමිල්නාඩු ජනතාව වෙනුවෙන් වැඩ කරන ආකාරය ගැන බොහෝ වාරයක් කතා කර තිබෙනවා.

නළුවන්ට තම රසිකයන්ගෙන් ලැබෙන ආදරය සහ ගෞරවය නැවත ජනතාවට ලබාදීමේ වගකීමක් තිබෙනවා. විජය දැන් එම ආදරය ජනතාවට නැවත ලබාදීමට උත්සාහ කරන තත්ත්වයකට පැමිණ තිබෙනවා,” යනුවෙන් යෂ් පැවසීය.

2026 මැතිවරණය පිළිබඳවද අදහස් දැක්වූ යෂ්, තමිල්නාඩුවේ ජනතාව විජය වෙත විශාල වගකීමක් භාරදී ඇති බව සඳහන් කරමින් ඔහුට සුබ පැතුම් එක් කළේය. මේ අතර, යෂ් ප්‍රධාන චරිත ද්විත්වයකින් රංගනයෙන් දායක වන ‘Toxic: A Fairytale for Grown-Ups’ චිත්‍රපටය අගෝස්තු 26 වැනිදා සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතය.

නයන්තාරා, කියාරා අද්වානි, රුක්මිනී වසන්ත, තාරා සුතාරියා සහ හුමා කුරේෂි ඇතුළු නළු නිළියන් පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වෙති. ගීතු මෝහන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය කේ. වෙන්කට නාරායණ සහ යෂ් විසින් නිෂ්පාදනය කර ඇති අතර, එහි නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 500කට අධික බව වාර්තා වේ.

දකුණු ඉන්දීය සිනමාවේ කාන්තා ප්‍රධාන චරිත ගැන අලුත්ම කතාව - ''‘Alpha කාන්තාවක් විය යුතුම නැහැ සිනමාව ජයගන්න''

දකුණු ඉන්දීය සිනමාවේ කාන්තා ප්‍රධාන චරිත ගැන අලුත්ම කතාව - ''‘Alpha කාන්තාවක් විය යුතුම නැහැ සිනමාව ජයගන්න''