කටුනායක ගුවන්තොටුපොළට එන මගීන්ට සුබ ආරංචියක් - ගුවන්තොටුපොළේ පැමිණීමේ ලොබියට වෙන්න යන වෙනස
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයතන තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ වෙනුවෙන් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබෙන අතර, ලංසු 10ක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එමෙන්ම ලංසු ඇගයීමෙන් පසුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ලබාදුන් නිර්දේශ මත පදනම්ව, වසර 03ක කාලයකට අදාළ සංචාර සේවා කවුන්ටර ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි
ඒ අනුව,
කවුන්ටර අංක 10 සඳහා M/s Casons Travel (Private) Ltd වෙත රුපියල් මිලියන 251.03ක මුදලකටද, කවුන්ටර අංක 11 සඳහා M/s JN W Lanka Tours වෙත රුපියල් මිලියන 209.67ක මුදලකටද ප්‍රසම්පාදනය පිරිනැමීමට නියමිතයි.
කවුන්ටර අංක 12 සඳහා M/s Awavia Tours (Private) Ltd වෙත රුපියල් මිලියන 189.66ක මුදලකටද, කවුන්ටර අංක 13 සඳහා M/s Ceylon Arrivals (Private) Ltd වෙත රුපියල් මිලියන 183.60ක මුදලකටද ප්‍රසම්පාදන පිරිනැමීමට නියමිතයි.
එසේම, කවුන්ටර අංක 14 සඳහා M/s Ayubowan Tours & Travels (Private) Ltd වෙත රුපියල් මිලියන 171.53ක මුදලකටද, කවුන්ටර අංක 15 සඳහා M/s Explore Vacations and Travels (Private) Ltd වෙත රුපියල් මිලියන 234.73ක මුදලකටද ප්‍රසම්පාදන පිරිනැමීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා විය.
එම සියලුම මුදල් බදු රහිත වටිනාකම් වන අතර, මෙම කවුන්ටර මඟින් විදේශීය සංචාරකයන්ට සහ අනෙකුත් ගුවන් මගීන්ට ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුව අවශ්‍ය සංචාරක සේවා සහ තොරතුරු පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව සඳහන්.