මධ්‍යම අධිවේගියට බිලියන 104ක අලුත් පාරවල්- පළාත් 3ක් යා කරන දැවැන්ත ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Report

බටහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2026 සිට 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මාර්ග සම්බන්ධතාව ශක්තිමත් කිරීම, ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම සහ කලාප අතර රථවාහන ගමනාගමනය වඩාත් කාර්යක්ෂම කිරීමයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව, ව්‍යාපෘතියේ I කොටස යටතේ කිලෝමීටර් 117.68ක සමස්ත දුරකින් යුත් සම්බන්ධක මාර්ග 12ක් සංවර්ධනය කිරීමට නියමිතය.

2027 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව එළියට- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිල නිවේදනයක්

2027 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව එළියට- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිල නිවේදනයක්

III කොටස යටතේ කිලෝමීටර් 83.98ක දුරකින් යුත් සම්බන්ධක මාර්ග 14ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, IV කොටස යටතේ කිලෝමීටර් 81.36ක සමස්ත දුරකින් යුත් සම්බන්ධක මාර්ග 9ක් සංවර්ධනය කිරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත වියදම රුපියල් බිලියන 104.9ක් පමණ වේ.

සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීම මඟින් මධ්‍යම අධිවේගී මාර්ගය පුළුල් ජාතික මහාමාර්ග පද්ධතිය සමඟ වඩාත් කාර්යක්ෂමව ඒකාබද්ධ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමඟින් භාණ්ඩ හා මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම කිරීමත්, දැනට පවතින මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමත් සිදුකළ හැකි බව බලධාරීන් පෙන්වා දෙයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.