ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා ආරක්ෂක සේවා ප්‍රසම්පාදනය
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ දීපව්‍යාප්ත ශාඛා ජාලය සඳහා ආරක්ෂක සේවාවන් බාහිර සේවා සපයනු ලබන ආයතනවලින් සපයා ගනු ලබන අතර, එම සේවා ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 14ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, 2026-10-01 දින සිට වසර 02ක කාලසීමාවක් සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආරක්ෂක සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තු පහත පරිදි ප්රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
