මධ්‍යම කඳුකරයට කඩා හැලෙන මහ වැසි- හැටන්-කොළඹ පාරේ යන අයට පොලිසියෙන් රතු එළියක්
By Kanchana
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ වන විට අධික වර්ෂාවක් පතිත වෙමින් පවතින බව වාර්තා වේ.
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලද රථවාහන ධාවනයේදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
වැසි සහිත කාලගුණය හේතුවෙන් මාර්ග ලිස්සන සුළු විය හැකි බැවින්, වේගය පාලනය කරමින් ආරක්ෂිතව රිය ධාවනය කරන ලෙසද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.