අභිරහස් ලෙස මිය ගිය පියාගේ කතාව..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Jun 25, 2023 11:14 AM GMT
Sithumi

Sithumi

Report

කැස්බෑව ජඹුරලිය බොල්ගොඩ ගඟ අසල එළවළු කොරටුවක වැඩ කරමින් සිටිය දී  ඊයේ සවස අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර   බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබී හමුවූ බව කැස්බෑව පොලිසිය පවසනවා එලෙස මියගොස් තිබුණේ කැස්බෑව ජඹුරලිය පදිංචිව සිටි අනුර රෝහිත නැමැති 49 හැවිරිදි තිදරු පියෙකි මියගිය අය බොල්ගොඩ ගග අසල තිබෙන එලවලු කොරටුවෙ  වැඩ කරමින් සිට ඇති අතර යාබද කොරටුවෙ පුද්ගලයා මාර්ගයට පිවිසීමේ දී ඔහුට දුම්වැටියක් මිලදී  ගෙන එන ලෙස පවසා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

දුම්වැටි රැගෙන එන අවස්ථාවේ දී මියගිය එම පුද්ගලයා එම ස්ථානයේ නොසිටි බව ඔහු පොලිසියට  ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති අතර මියගිය  අය වැඩ කරමින් සිටි කැප් තොප්පිය සහ කොරටුවෙ වැඩ කටයුතු සඳහා යොදාගත්  පිහියක් කොරටුව තුළ තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි