දළදා පුදබිමට ඇතුළු වීමට ගිය ලොරියක තිබී හදිසියේම සොයා ගත් දේ..

CID - Sri Lanka Police Sri Lanka Police Kandy
By Sithumi Jun 18, 2023 05:10 PM GMT
Sithumi

Sithumi

Report

අද (18) පස්වරුවේ තලතා මන්දිරයේ රක්ෂිත ප්‍රදේශයේ පිහිටි රජ පාර ඔස්සේ දළතා මන්දිර සංකීර්ණයට ඇතුළු වූ මහනුවර මහ නගර සභාවට අයත් කුණු ලොරියක තිබී ටී 56 රයිෆල් සඳහා භාවිත කරන කාට්රිජ් 32ක් සොයා ගෙන තිබේ. 

 ඉන් අනතුරුව කසළ ලොරි රථයේ රියදුරු සහ සහයකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථය දළදා මැදුරට ඇතුළු වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරුන් සිදුකළ සෝදිසියකදී ලොරි රථයේ කුඩා ගොම ගෝනියක තිබී පුපුරණ ද්‍රව්‍ය කොපු සොයාගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමිල් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධිර ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.