ශ්‍රී ලංකාවේ රසිකයන් පිනවමින් විශිෂ්ඨ ජයක්..

By Sithumi Jun 19, 2023 02:38 PM GMT
Sithumi

Sithumi

Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.


ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 355ක් ලබාගත්තතා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම ලංකාවෙව් රසිකයන්ට විශේෂ අවස්තාවක් උණා.

 කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ලකුණු 95ක් එක්කළ අතර පළමු කඩුල්ල ලෙස කරුණාරත්න ලකුණු 52කට දැවී ගියේය. නිස්සංක ලකුණු 57යි. අනතුරුව කඩුල්ලේ එක්වූ කුසල් මෙන්ඩිස් (78) සහ සදීර සමරවික්‍රම (73) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම වේගවත් කළා.

අසලංක පන්දු 23කදී ලකුණු 48යි. පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් දවා ගෙන තිබෙනවා.