ශ්‍රී ලංකාවට තීරණාත්මක තරග කිහිපයක්

By Sithumi May 23, 2023 11:49 AM GMT
Sithumi

Sithumi

Report

සිම්බාබ්වේ හි ජූනි 18 වනදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල තරග සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර තිබෙනවා.

එහිදී කණ්ඩායම් 10ක් "A" සහ "B" වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා තරගවදින අතර ඉන් කණ්ඩායම් 6ක් "සුපර් සික්ස්" වටයට සුදුසුකම් ලබන අතර ඉන් කණ්ඩායම් 4ක් "play off" වටයට තේරෙන අතර එහිදී ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා.

A කාණ්ඩය  බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ අමෙරිකාව  B කාණ්ඩය  ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ශ්‍රී ලංකාවේ තරග සටහන පහතින්, ජූනි 19 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ජූනි 23 - ඕමානය
ජූනි 25 - අයර්ලන්තය 
ජූනි 27 - ස්කොට්ලන්තය