ආන්දෝලනාත්මක චීන නෞකාව පිටත්ව යයි..

By Sithumi Aug 22, 2022 03:27 PM GMT
Sithumi

Sithumi

Report

 හම්බන්තොට වරායට පැමිණි යුවාන්ග් වෑන්ග් 5 ගවේශන නෞකාව අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් පිටත්ව ගියා. පස්වරු 04යි 45ට පමණ එම නෞකාව හම්බන්තොට වරායෙන් පිටත්ව ගොස් තිබේ.

පසුගිය 16 වනදා හම්බන්තොට වරායට ලගා වූ එම ගවේශන නෞකාව මෙරට මුහුදු සීමාවේ රැදී සිටි කාලය තුළ කුමන කාර්යයක් සිදු කළේද යන්න පිලිබදව සදහනක් නැත.

අදාල නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් දැඩි විරෝදයක්ද එල්ල වුණා