අධිසුඛෝපභෝගී මහල් නිවාස මිළදී ගන්නා විදේශිකයින්ට රජයෙන් ලැබෙන දේවල්..
අධිසුඛෝපභෝගී මහල් නිවාස මිළදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර එය නව වැඩපිළිවෙල යටතේ වසර 5 සහ 10 යන කාණ්ඩ යටතේ වීසා නිකුත් කිරිම සිදුවනවා.
නාගරික ප්‍රදේශයක ඇමරිකානු ඩොලර් ඵක්ලක්ෂ 50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා පුද්ගලයින්ට වසර 5ක විසා බලපත්‍ර හිමිවනවා.
ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටයි වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙන්නේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසුවේ වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් වන අධි සුඛෝපභෝගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති වර්ධනය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛෝපභෝගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන රට තුලට ලබා ගැනීම මෙහි අරමුණයි.
අධි සුඛෝපභෝගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5,000ක් පමණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වනවා.