ඉදිරියේදී රටේම වෙනසක්.. සර්ව පාක්ෂික සාකච්ඡා ඇරඹේ (VIDEO)

By Sithumi Aug 02, 2022 04:21 PM GMT
Sithumi

Sithumi

Report

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වූහ. තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ හෙට (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡා වලට එක්වී

මට එකඟතාව පළ කර තිබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි. සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසානයේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

Join now