කොන්දොස්තර වරයෙකු නොමැතිව ගමන්කළ බස් රථවල අමුතුම අදායම මෙන්න..
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණා.
එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟයි මෙලෙස සිදු කර තිබුණේ.
ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබෙනවා.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන ගමන් කළා.
කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවනවා.
කෙසේවෙතත් රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බව අධිවේගී බස් රථ රියදුරන් පවසනවා
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)