මගේ ලොකු බබාලා දෙන්නම ශිෂ්‍යත්වෙ පාස් වුණා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මම හම්බකරනවා

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළ විවිධ චරිත රංගනය කල ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී අශිකා මතසිංහ. ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය ගණනාවක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් නැරඹුවා.

ඒවගේම අශිකා චරිතාංග රංගන ශිල්පිනියක් විදියට අපිට දැක ගන්න ලැබෙනවා. නමුත් ඇයට ප්‍රෙක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ ගැමි අහිංසක චරිත වලටයි. මේ දිනවල පුංචි තිරය හරහා අශිකගේ වෙනස්ම චරිත රංගනයක් අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ ‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යය හරහා. ඒ හිත ලග හිනැහුනා ටෙලිනාට්‍යයේ මිනෝලි විදියට. 

ඉතින් අශිකගේ හොදම ප්‍රේක්ෂකයන් විදියට ඇය පෙන්වා දෙන්නේ ඇගේ සැමියා සහ දරුවන්. ඇගේ රංගනයන් තුල තිබෙන වැරදි අඩුපාඩු සියල්ලක්ම පෙන්වා දෙන්නේ ඇගේ සැමියා විසින් කියලයි අශිකා කියන්නේ. ඉතින් අම්මා චරිතය මැනවින් පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපි අතරට ගෙන එන අශිකා සිය සැබෑ ජීවිතේත් ආදරණීය මවක්. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. ”

මම ගෙදර හයියෙන් කෑ ගැහුවම ළමයි අහනවා මිනෝලි වගේ වෙන්නද හදන්නේ කියලා. හැමෝම මට විහිලු කරනවා. මම පහුගිය කාලෙ බබාලා නිසා කලාවෙන් ඈත් වෙලා හිටියා. ආයේ කලාවට සම්බන්ධ වුණේ 2022 වසරෙ. දැන් බබාලා ලොකුයි. මගේ ලොකු බබාලා දෙන්නම ශිෂ්‍යත්වෙ පාස් වුණා. පොඩි එක්කෙනත් ඉගෙන ගන්න දක්ෂයි. එයාලගේ අධ්‍යාපන වැඩ වලට තමයි මුල් තැන දෙන්නේ. එයාලගේ ඉගෙනීමට සල්ලි ඕන නිසා හම්බකරනවා. දැන් රටේ තාත්ත්වයත් එක්ක ළමයි තුන් දෙනෙක් පෝෂණය කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කලාවයි පෞද්ගලික ජීවිතෙයි සමබරව කරගෙන යනවා.”