මහ පාරේ සිදුවූ කාලගෝට්ටිය නිසා විශාල අනතුරකුත්.. පුද්ගලයෙකුට බරපතලයි.. වාහන දෙකකටත් දැඩි හානි..
Sri Lanka Police
Accident
By Sithumi
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙසට ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක රියදුරුට සංඛපාල ප්‍රදේශයේදී යම් අයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගල් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු රියදුරු ලොරි රථයෙන් මාර්ගයට ඇද වැටී ඇති අතර රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගෙමිදුලේ නවතා තිබූ ජීප් රථයක ගැටීමෙන් එම ජීප් රථයට බරපතල හානි සිදුවී තිබෙනවා.