ලොරියක් ප්‍රපාතයට පෙරලෙයි.. 14ක් රෝහලේ…

Accident
By Sithumi Mar 05, 2023 03:05 PM GMT
Sithumi

Sithumi

Report

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදියි (05) දින උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ.

නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එලවළු ගොවිපොලකින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වෙත  එලවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. 

 අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, අධික වේගයෙන් ධාවනය කරඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සදහා රියදුරු තිරිංගු ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ඇදිගොස් ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියා. අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබෙනවා. 

 ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ 15 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් එක් අයෙකු ලොරි රථය පෙරලෙන අවස්තාවේ ඉන් බිමට පැන බේරි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටිනවා.