රිය අනතුරු 8,875ක් නිකරුණේ වියැකුණු මිනිස් ජීවිත
By Sithumi
මෑතකදී රට තුළ සිදුවූ මාරක අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
මේ වසරේ ගත වු කාලය තුළ රිය අනතුරු 8,875ක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අතරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,043ක් බව කොළඹ දී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මාරක රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අනතුරු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.