මීළග පොලිස් පති ගැන ලැබුණු ආරංචිය

By Sithumi Jun 25, 2023 04:34 PM GMT
Sithumi

Sithumi

Report

වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව හෙට (26) දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් එම කාලය හෙට දිනයෙන් අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කළ යුතුව තිබේ.

කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබෙනවා. පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය හිමිවිය යුතු වනවා.

මේ අතර වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දෙවන වරටත් සේවා දිගුවක් ලබාදීමේ සූදානමක් පවතින බවට ද ඇතැම් වාර්තා පෙන්වා දෙන අතර වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව හෙට (26) දිනෙන් අවසන් වීමට නියමිතයි.