මහ බැංකු අධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්... දීර්ඝ නිවාඩුවට හේතුව පැහැදිලියි..

By Sithumi Jun 25, 2023 03:33 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. 

  අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

 දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.