තවත් සරසවි සිසුවෙකු අවසනාවන්ත ලෙස මිය යයි... හදවත කම්පා කළ සිදුවිම..

Report

බඹරකන්ද ඇල්ලෙන් ඇදවැටී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (17) උදෑසන එම අනතුර සිදුව තිබෙනවා.

පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටියදී පය ලිස්සා එම අනතුර සිදුවී ඇතැයි වාර්තා වුණා.

එසේ මියගොස් ඇත්තේ, පේරාදෙණිය සරසවියේ 03 වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සසංක විකුම් විතාරණ නමැති සිසුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි