වෙඩිකෑ නියෝජ්‍ය විදුහල්පති ගැන අහන්න ලැබුණු භයානක කතාව.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi May 26, 2023 04:04 PM GMT
Sithumi

Sithumi

Report

6 7 අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (26) පෙරවරුවේ පාසලට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. එහිදී තුවාල ලැබූ ඔහු සිය යතුරුපැදියෙන් කිලෝමීරයක් පමණ දුර ගොස් එය අතහැර දමා අම්බලන්ගොඩ පොලීසිය වෙත දිවයෑමට සමත්වී තිබෙන අතර ඒ අතරවාරයේදීත් වෙඩික්කරුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුපස යතුරුපැදියෙන් හඹාවිත් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා පාතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බවයි පොලීසිය පවසන්නේ අනතුරුව පොලීසිය විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක මහේෂ් ද සොයිසා මහතා අද විද්‍යාලයට ගොස් තිබුණේ,

යතුරුපැදියකින් වන අතර 
      කොළඹ දෙස සිට අම්බලන්ගොඩ දෙසට පැමිණෙමින් සිටි මොහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ, බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදීයි යතුරුපැදයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු සිදුකළ මෙම ප්‍රහාරයේදී නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කොන්ද ප්‍රදේශයට තුවාල සිදුවී තිබෙන අතට පොලීසිය පවසන්නේ, 

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති 42 හැවිරිදි ධනුක මහේෂ් ද සොයිසා මහතා පතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් බවයි. එමෙන්ම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ බැංකු ගිණුම්වල සැකකටයුතු ලෙස මුදල් සංසරණය වීම හේතුවෙන් වන අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් රැසක සේවය කර තිබු ඔහු අවසන්වරට ගුරුවරයෙකු ලෙස සේවය කර තිබුණේ, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේදීයි. පසුව ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණ තිබෙනවා. ඒ, එම විද්‍යාලයේ විනයභාර සහ නියෝජ්‍ය විදුහල්පති ලෙසිනි.