කැනඩා සරසවියක් පෙන්වා මුදල් ගැරූ දෙන්නට සිදුවූ දේ.. වීඩියෝ සහිතයි.. (VIDEO)
කැනඩාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසා කෝටි 60කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 47 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර මෙම සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
එලෙස ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වංචා කර ඇති බවද හෙළිවී ඇති අතර සැකකරුවන් විසින් පුද්ගලයින් මුලා කිරීම සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 06 වන මහලේ කාර්යාලයක් ද පවත්වාගෙන ගොස් මෙම දැවැන්ත වංචාව සිදුකර තිබෙනවා.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මෙම වංචාවට හසුවී ඇති බවද මේ වනවිට හෙළිවී තිබෙනවා. කැනඩාවේ විශ්වවිද්‍යාලයක මාස 15ක කාලයක් සඳහා වීසා ලබාදෙන බවයි එහිදී සැකකරුවන් මෙම වංචාව සිදුකිරීමට විවිධ පුද්ගලයින් වෙත පවසා ඇත්තේ. කොළඹ වංචා විමර්ශන අංශය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
විපතට පත් වූවන් ගගන කණ්ඩායමට පැමිණිලි කිරීමෙන් පසු එම ස්ථානයට ගිය ගගන කණ්ඩායම විපතට පත්වූවන් සජීවීව විකාශය කළ පුවත පදනම් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබීම විශේෂත්වයක්.
https://fb.watch/kIGjEsvCAd/?mibextid=g4x1v7