විදෙස් රැකියාවලට යනවනම් පරිස්සමෙන් තවත් දෙදෙනෙක් අත්තඩංගුවට..
විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුවයි.
පොලීසිය පැවසුවේ එම සැකකරු රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බවයි අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
එමෙන්ම රැකියාවක් ලබාදෙන බවට පවසා මුදල් ලබාගත් අඹුසැමි යුවලක් කාන්තාවක් තලංගම පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර අඹුසැමි යුවල විසින් අදාළ කාන්තාවගෙන් මුදල් වංචා කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින්. ඇයගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් 7ලක්ෂ 68,300ක මුදලක් සැකකරුගේ බැංකු ගිණුමක් වෙත බැර කර ගෙන ඇති බවද පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි සැකකරුවෙකු සහ වයස අවුරුදු 27ක් වන සැකකාරියක් වන අතර ඔවුන් තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
එමෙන්ම පොලීසිය වැඩිදුරටත්පැවසුවේ සැකකාර අඹුසැමි යුවල අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි