විදේශ විනිමය වැඩි කළහැකි ක්‍රමයක් ගැන ප්‍රභලයෙක් කියයි..

By Sithumi Nov 10, 2022 04:17 PM GMT
Sithumi

Sithumi

Report

 මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් තහවුරු කරනවානම් රටට ලැබෙන විදේශ විනිමය ඉහළ දැමිය හැකි බව නිදහස ජනතා සභාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ එලෙස ක්‍රියාකරන්නේ නම් ජී එස් පී ප්ලස් වරප්‍රසාද යටතේ මෙරට තෝරාගත් අපනයනයන් තීරු බදු රහිතව යුරෝපීය වෙළදපොළට යොමු කළ හැකි බවයි. 

එමෙන්ම නිදහස ජනතා සභාවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තිවල දළ රාමුව ලබන 13 වනදා එළි දක්වන බවයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේ.