ඔබත් පරිස්සමෙන් මේ වැරදි ඔබෙනුත් වුනොත් ලැබෙන දඩුවම මෙන්න..

Sri Lanka
By Sithumi Jun 19, 2023 05:04 PM GMT
Sithumi

Sithumi

Report

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියදුරන් .

පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියදුරන් බවයි. රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබෙනවා.

2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබෙන2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559ක්.

2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වන අතර මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875ක්.

ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබෙන මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමයි.

මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැහැ. ඒ අනුව රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මත්වූ රියදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවයි. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණු අතර ඒ, රියදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්.

ඉන් රියදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියදුරන් වන අතර ත්‍රීරෝද රථ රියදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණා.

මෙහිදී වරදකරුවන් වූ රියදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙන එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවා.