නැති උපකරණ හදාගෙන සිදුකළ සැත්කම

Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Mar 04, 2023 02:38 PM GMT
Sithumi

Sithumi

Report

රට තුළ පවතින ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය මැද එම අභියෝගය භාරගනිමින් සාර්ථකව සිදුකළ ශල්‍යකර්මයක් පිළිබඳව මහනුවර තෙල්දෙණිය මූලික රෝහලෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා

. අදාළ ශල්‍යකර්මයට ලක්කර තිබුණේ අන්නස්‍රෝතයේ පිළිකාවක් හටගෙන තිබූ 67 හැවිරිදි කාන්තාවක් වන අතර රෝහල සතු සීමිත සම්පත් ප්‍රමාණය භාවිත කර 67 හැවිරිදි කාන්තාවකගේ අන්නස්‍රෝතයේ තිබූ පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට මෙලෙස සමත්වී තිබුණේ මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්.

තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා, "බෙහෙත් දෙන්න භාවිත කරන සිරින්ජර් ටිකක් කපලා පෝට් හදාගත්තා. ලොකු සිරින්ජරයක් මාර්ගයෙන් එන්ඩෝස්කොපි උපකරණය ඇතුළු කළා. ඒ ලැබෙන දර්ශන හරහා අපි මේ සැත්කම කළා.

අමාරු වෙලාවේ රට දාලා යනඑක නෙමෙයි කරන්න ඕනේ. අපිට අධ්‍යාපනය දුන්නේ මේ රටේ ජනතාව. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ. ජපානය, කොරියාව මීට වඩා විනාශ වුණා. එදා ඒ අය රට දාලා ගියානම් අද ජපානයවත් කොරියාවවත් නැහැ." අවශ්‍ය උපකරණ රෝහල තුළ නොතිබුණත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ බැරෑරුම් අභියෝගය භාර ගන්නේ රෝගියාගේ ජීවිතය බේරාගැනීම සිය එකම පරමාර්ථය කරගනිමිනි. ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාව, "

පැය 12ක ශල්‍යකර්මයක් කියලා දොස්තර මට කිව්වා. ඇහැට පෙනෙන දෙවිවරු තමයි දොස්තරලා කියන්නේ." රට තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය ගැටලු රැසක් මේ වනවිට නිර්මාණය කර ඇතත් එම අභියෝග ජයගනිමින් වෛද්‍යවරුන් කළ මෙම කාර්යය සැබවින්ම අගය කළ යුත්තකි.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now