ඇයගේ මළ කෝළම ඇයට වාසි වුනා... ඈක්කා.. මට නයි එක්ක බෑ....!!
නාගීනා කියන්නෙ බොලිවුඩයේ 80 දශකයේ සිනමාව වෙනත් මානයකට අරන් ගිය චිත්‍රපටයක්. ඒ කාලෙ බොහෝ චිත්‍රපට වල තේමාව වුනේ ශෝලේ වගේ සටන් චිත්‍රපට.
" මේක හරියන්නෙ නෑ.. මට මේක අතෑරලා දාන්න හිතෙනවා.." වරක් මේකෙ අධ්‍යක්ශක වරයා හර්මේශ් තමන්ගෙ බිරිඳට එහෙම කිව්වලු.. මේ චිත්‍රපටය සඳහා පළමු තේරීම වෙන්නෙ ශ්‍රී දේවි නම් නෙමේ.. මේ චිත්‍රපටය මුලින්ම යන්නෙ එවකට ජනප්‍රියම නිළියක් වුන ජයප්‍රදා වෙත.. "ඈක්කා.. මට බෑ නයි එක්ක ශූටින් කරන්න..!"
"නෑ නෑ නයි එක්ක ශූට් කරන්න ඕනෙ නෑ. අපි ඒවට කැමරා ප්‍රයෝග දාන්නම්..!" "ඒත් මම කොහොමද අනේ ඕක ඉල්ම් හෝල් එකක බලන්නෙ.. මට සර්පයො අප්පිරියයි..!" ජයප්‍රදාගෙ මේ මළ සමයන් සර්ප අප්පිරියාවෙන් ප්‍රයෝජන ගන්නෙ ශ්‍රී. ශ්‍රී එක පයින් මේකට කැමති වෙනවා.
එකක් තමයි මේකෙ කතාව. අනික මේකෙ නළුවන්ට වඩා දෙයක් ශ්‍රීට කරන්න තියෙන එක.. ශ්‍රී කියන්නෙ එදා ඉඳන්ම ඩොමිනේටින්ග් කැරැක්ටර්ස් හොය හොයා ගිය නිළියක්.
මේකෙ හයිලයිට් එක වෙන්නෙ වෙන කිසිවක් නෙමේ, "මේ තේරි දුශ්මන්" ගීතය. මේ ගීතය සඳහා නර්තන නිර්මාණයට ආරාධනා ලැබෙන්නෙ සරෝජ් ඛාන් ට.
ඒ හරියටම චිත්‍රපටයෙ රූගත කිරීමෙ අවසාන දවසෙ.. මීට කලින් දවසෙ රෑ තමයි සරෝජ් ට ගීතය අහන්න ලැබෙන්නෙ. සරෝජ් රෑපුරා නිදි මරාගෙන ගීතය ඇහුවාලු. "උදේ නමයට ශූටින් පටන් ගන්න තියෙන්නෙ. ඔයා හතට එන්න අපි රිහර්සල්ස් කරමු." සරෝජ් තමගෙ හොඳම ගෝලයෙක් වුන ශ්‍රීට එහෙම කියනවා.
හැබැයි ශ්‍රී උදේ හය හමාරට සෙට් එකේ.. සරෝජ් හතට එතන.. සහාය නර්තන ශිල්පිණියන් නැති නිසාම මේක බොහොම පහසු වුනා කියලයි සරෝජ් කියන්නෙ. කොහොම හරි පැය 22ක් අවසානයේ ගීතය සම්පූර්ණයෙන් රූගත කරලා පැකප් කළේ පාන්දර හතරට කියලයි සරෝජ් මාධ්‍යට කියලා තිබ්බෙ.
" මේක තමයි මගේ ජීවිතයේ මම කැමතිම මගේ නර්තනය..!" එහෙම කිව්වෙ වෙන කවුරුත් නෙමේ භාරත සිනමාවේ නිළි අධිරාජිණිය ශ්‍රී දේවි..! ගීතය බලලා නැති අය පළවෙනි කමෙන්ටුව බලන්න..
© Charith Moragoda



