ලෝක කුසලානය දිනා දෙන්න හිටපු හොදම ක්‍රීඩකයින් දෙන්නා මේ අය විනාශ කළා – තිලංග සුමතිපාල (VIDEO)

cricket thilanga sumathipala Sri lank
By Sithumi Jul 09, 2021 05:45 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කර දීම සඳහා සිටි හොඳම ක්‍රීඩකයින් යුගලය වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇති සැලසුමක් නොමැතිකම නිසා නිකරුණේ විනාශයට ඇද දමා ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව කියා ඔහු මේ බව සඳහන් කර සිටියා. ” කුසල් ජනිත් පෙරේරා කියන්නේ වත්මන් ක්‍රිකට් වල සනත් ජයසුරියයි.

ඔහුව නායකත්වයට ගෙනා අයමයි දැන් ඔහුට යන්න කියන්නේ. ඒක මොන තරම් අපරාදයක්ද ? අත්දැකීම් අඩු කණ්ඩායමක් එක්ක ඔහුව සංචාර දෙකකට යැව්වා. ඉන්දීය සංචාරයට ආවට පස්සේ කියනවා කුසල් නායකත්වයෙන් ඉවත් කළා කියලා. අපි ඉස්සර ඉදන් ක්‍රිකට් නායකත්වය හැදුවේ යුගල වශයෙන්.

දුලිප්- රෝයි, අර්ජුන – අරවින්ද, සනත් – මාවන්, මහේල – සංගා ඊට පස්සේ හිටියේ මැතිව්ස් – චන්දිමාල්. නමුත් වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ තියෙන සැලැස්මක් නොමැතිකම නිසා අද ඔවුන් දෙදෙනා පැත්තකට දාලා. මේ අපිට ලෝක කුසලානයක් දිනලා දෙන්න හිටපු ක්‍රීඩකයින් දෙන්නෙක්” තිලංග සුමතිපාල කියා සිටියා. 

තිලංග සුමතිපාල සම්බන්ධ වූ Hari TV යුටියුබ් සම්මුඛ සාකච්ජාව පහතින් දැක්වේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now

ReeCha