ලාංකිකයන්ට රුසියාවේ පුරවැසිභාවය?.

Report

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ලාංකිකයන්ට රුසියාවේ පුරවැසිභාවය?. | Sri Lankans Who Went To Russia For Mercenaries

ඒ කුලී හමුදා සඳහා එක්වීමට රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් තුවාල ලැබු අය අතරින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති බවයි.

ඒ රුසියාවේ පුරවැසිභාවය ලැබෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, මියගිය අයට වන්දි ගෙවීමට රුසියානු රජය පියවර ගනිමින් සිටින බවද තාරක බාලසූරිය මහතා අද (29) කෑගල්ලේ දී සඳහන් කළේ ය.

රුසියානු - යුක්‍රේන යුද්ධයට ගිය අපේ මිනිස්සු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි..

රුසියානු - යුක්‍රේන යුද්ධයට ගිය අපේ මිනිස්සු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න මේකයි..


එහිදී අදහස් දැක් වූ ඒ මහතා,

"අපි කණ්ඩායමක් රුසියාවට ගොස් රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ජා කළා. එහිදි අපට දැනුම්දී තිබුණා 464 දෙනෙක් ගැන."

කෙසේ වෙතත්, මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණේ ය.