මියන්මාර ත්‍රස්ත ග්‍රහණයෙන් ශ්‍රී ලාංකිකයින් මුදා හැරේ...

Sri Lanka Thailand
By Gagana Apr 11, 2024 12:36 PM GMT
Gagana

Gagana

Report

මියන්මාරයේ, මියාවාඩි හී සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගනු ලැබු , ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසා ඇත.

ඉදිරි දින කිහිපයේ දී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව තානාපතිවරයා තව දුරටත් පැවසී ය.

එතුමා තව දුරටත් පැවසුයේ , මියන්මාරයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාරයේ තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා අද උදැසන මෙම පිරිස භාර දුන් බව ය.

ඒ අනුව,මේ වනවිට ඔවුන්ව ඉදිරි දින කිහිපයේ දී ලංකාවට එවීමට කටයුතු කරන බවත්, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බවත් එතුමා පවසා ඇත.