ඊශ්‍රායලයට රස්සාවට ගිය ඇන්ටනිගේ මළසිරුර ලංකාවට
By Ashfa
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ ඊශ්‍රායලයේ සේවයට ගොස් රිය අනතුරකින් මියගිය ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙලෙස ඊශ්‍රායලයේ සේවය කරමිනි'සිටියදී මියගියේ ඇන්ටනි ඥානප්‍රකාසම් නම් වයස අවුරුදු 43 පුද්ගලයෙකි.
මොහු කොළඹ මුල්ලේරියාව නවනගරයේ පදිංචිව අයෙකු වන අතර 2024 වසරේ දෙසැම්බර් මස ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ගොස් තිබේ. පවුලේ අයගේ ඉල්ලීමක් මත මියගිය පුද්ගලයාගේ දේහය මෙරටට ගෙන එන බව වාර්තා වේ.
ඇන්ටනි ඥානප්‍රකාසම් නැමැත්තාගේ දේහය ශ්‍රී ලංකාවට යැවීමට පෙර සිදුකරනු ලබන කිතුණු ආගමික වතාවත් හා අවසන් ගෞරව දැක්වීම ලබන 29 වැනි සදුදා පස්වරු 3.00 ට Amal Street 44, Petach Tikva යන ස්ථානයේ පිහිටි මල් ශාලාවේ දී සිදු කෙරෙන බව තානාපතිවරයා එරට සිටින ලාංකිකයන් වෙත දැනුම් දී ඇත.