පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]

Report

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. 

ඉන් අනතුරුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දී ඇත.

පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු (වැට්) සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම ඇතුළු වැදගත් යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.

ඒ අතර විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ප්‍රකාශයට පත් කළ රෙගුලාසි අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.

එමෙන්ම පස්වරු 5.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” දෙවැනි වර කියවා සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට ද නියමිතය.

ඊට පසුව පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇති බව වාර්තා වේ.

එහි සජීවි දර්ශන පහතින්,