වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දේශපාලකයන්ගේ තනතුරු වීශේෂ ගැසට් නිවේදනයක් මගින් අහෝසි කරයි

Report

පරිපාලනමය කරුණු මුල් කරගනිමින් වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මෙතෙක් දැරූ සියලුම නිල ධුරවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් අදාළ පළාත් පාලන ආයතනවල සිදුවූ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර ඊට අදාළ විශේෂ නිල ගැසට් නිවේදනය ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ මෙම සෘජු නියෝගයත් සමඟ වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන් මහතාට ඔහුගේ නගරාධිපති ධුරය මෙන්ම නගර සභාවේ සභික ධුරය ද වහාම අහිමි වී තිබේ.

එමෙන්ම චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර් මහතාට ද ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි වී ඇති බව එම නිල ගැසට් නිවේදනයේ පැහැදිලිවම සඳහන් වේ.

රාජ්‍ය ආයතන හතරක් එකට එක්වෙයි - පොසොන් උත්ස­වය වෙනු­වෙන් විශේෂ වැඩසටහනක් - බැතිමතුන්ට දැනුම්දීමක්

රාජ්‍ය ආයතන හතරක් එකට එක්වෙයි - පොසොන් උත්ස­වය වෙනු­වෙන් විශේෂ වැඩසටහනක් - බැතිමතුන්ට දැනුම්දීමක්