රාජ්‍ය ආයතන හතරක් එකට එක්වෙයි - පොසොන් උත්ස­වය වෙනු­වෙන් විශේෂ වැඩසටහනක් - බැතිමතුන්ට දැනුම්දීමක්

Report

ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය දැනුම් දී ඇත්තේ ජාතික පොසොන් උත්ස­වය වෙනු­වෙන් අනු­රාධපුර­යට පැමි­ණෙන බැති­ම­තුන් වෙනු­වෙන් විශේෂ ප්‍රවා­හන සේවා ක්‍රියා­ත්මක කර ඇති බවයි.

වැඩිදුරටත් ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පවසන්නේ එම සේවා­වන් ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සහ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව එක්ව සිදු කරන බවයි.

පොසොන් පොහොයට දන්සැල් හා තොරණ් කරනවනම් වහාම පොලිසිය දැනුවත් කරන්න - රියදුරන්ටත් පොලිසියෙන් වැදගත් නිවේදනයක්

පොසොන් පොහොයට දන්සැල් හා තොරණ් කරනවනම් වහාම පොලිසිය දැනුවත් කරන්න - රියදුරන්ටත් පොලිසියෙන් වැදගත් නිවේදනයක්

ලංගම සභා­පති සජීව නන්දන කන­ක­රත්න මහතා ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය විසින් අනු­රා­ධ­පු­රය දක්වා ගමන් කරන බස් රථ­වල ගමන් වාර වැඩි­කර ඇති බවත් අවශ්‍ය අව­ස්ථා­වක සේව­යට එක්කි­රී­මට අමර බස් රථ 359 ඇණි­යක් සූදා­නම් කර ඇති බවත් අනු­රා­ධ­පුර ඩිපෝ­වට අයත් බස් රථ 400ක් ධාවන කට­යුතු සඳහා එක්කර ඇති බවත් මාධ්‍යට පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ,

“මහ­නු­වර සහ කුරු­ණෑ­ගල ඩිපෝ­ව­ලට අයත් මිකැ­නි­ක්ව­රුන්ගේ සංචි­ත­යක් අනු­රා­ධ­පු­ර­යට කැඳවා තිබෙ­නවා. අවශ්‍ය අලු­ත්වැ­ඩියා සිදු කිරී­මට. ලංග­මට අයත් නවා­තැ­න්පොළ කිහි­ප­යක් රියැ­දු­රන්, කොන්දො­ස්ත­ර­ව­රුන්ට නවා­තැන් සඳහා වෙන්කර තිබෙ­නවා. පසු­ගිය 14දා අපි එහි විශේෂ සාක­ච්ඡා­වක් පැවැ­ත්වූවා මේ කට­යුත්ත වෙනු­වෙන්” ලෙසයි.

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්

එසේම මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය සහ ජාතික ප්‍රවා­හන කොමි­ෂන් සභා­වද විශේෂ බස් රථ ඇණි­යක් මේ සඳහා අනු­යුක්ත කර තිබේ. ජාතික පොසොන් උත්ස­ව­යට යන මගීන් සඳහා විශේෂ දුම්රිය කිහි­ප­යක් ධාව­න­යට එක්කර ඇතැයි දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පැවැ­සීය.

කොළඹ ඇතුළු දුම්රිය ගම­නා­න්ත­වල සිට අනු­රා­ධ­පු­රය දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියා­ත්මක දෛනික දුම්රි­යන්ට අම­ත­රව ක්‍රියා­ත්මක කරන බවද දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පැවැ­සීය. දුම්රිය ධාවන කාල­ස­ට­හන ඉදි­රි­යේදී දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රකා­ශ­යට පත්කි­රී­මට නිය­මි­තය.‍

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්