භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ඕස්ට්‍රේලියාවේ සිට හොරකම් කළේ ආණ්ඩුවේ ඒජන්තවරයෙක්.. රටම හෙව්ව කොල්ලය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් [VIDEO]

Report

හැකර් ප්‍රහාරයකට ලක්වූ බව කියන මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදල සැබවින්ම සොරාගෙන ඇත්තේ හැකර්වරයෙකු නොව, ඕස්ට්‍රේලියාවේ පදිංචි වත්මන් රජයට සම්බන්ධ ඒජන්තවරයෙකු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා බරපතළ චෝදනාවක් එල්ල කර සිටියි.

ඒ අනුව මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය පවසන කරුණු සාවද්‍ය බවට ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

"දැන් හැකර් කෙනෙක් ගෙනිච්චා කියන ඩොලර් මිලියන 2.5 ගැන අපි අද සෘජුවම කියනවා, මේක හැකර් කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවේ ඒජන්තවරයෙක් තමයි ඕස්ට්‍රේලියාවේ සිට මේ ඩොලර් මිලියන 2.5 හොරකම් කළේ"

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය 76 වසරක කාලසීමාවේ සිදුවූ දූෂණ වංචා සොයන බව පවසමින් වත්මන් රජය ජනතාව මුලා කරන බවත්, නමුත් මෙම කෙටි කාලය තුළ රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් අවභාවිත කර ඇති බවත් ය.

ඒ අනුව ප්‍රේමනාත් දොලවත්ත මහතා අවධාරණය කළේ මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් රජය වහාම විනිවිදභාවයකින් යුතුව කරුණු අනාවරණය කළ යුතු බවයි.

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

තෙල්දෙණිය වෛද්‍යවරිය ඝාතනයේ සැකකරු හා බිරිඳ අත්අඩංගුවට - යාපනයේ සැඟවී සිටිද්දී පොලිසියෙන් කඩාපනී

රජයෙන් විශේෂ නිවේදනයක් - නම,ගම එක්ක හැඳුනුම්පත් අංකය දාලා මෙහෙම පණිවුඩයක් ආවොත් භයානකයි - වහාම අවධානය යොමු කරන්න

රජයෙන් විශේෂ නිවේදනයක් - නම,ගම එක්ක හැඳුනුම්පත් අංකය දාලා මෙහෙම පණිවුඩයක් ආවොත් භයානකයි - වහාම අවධානය යොමු කරන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,