තෙල්දෙණිය කැළඹූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි - මරලා තියෙන විදිහත් මරණ පරීක්ෂණයෙන් එළියට

Report

තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ආකාරයට මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ආකාරයට මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

ඉකුත් 17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි ශම්‍යා දර්ශනීගේ මළ සිරුර හමුව තිබුණා. එහිදී මරණය පිළිබඳව ඇති වූ සැකය මත පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබූණා.

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ සැකකරු, බිරිඳ සහ දරුවා නුවරඑළිය පොලිසිය වෙත - භෞත චිකිත්සකවරිගේ පවුලේ ඥාතීනුත් රැස් වෙයි

රටම කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ සැකකරු, බිරිඳ සහ දරුවා නුවරඑළිය පොලිසිය වෙත - භෞත චිකිත්සකවරිගේ පවුලේ ඥාතීනුත් රැස් වෙයි

ඒ ඔස්සේ ඊයේ (24) දින අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඇඟේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා කුඩා දරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ යාපනය, චාවකච්චේරිය කයිතඩි ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදීයි. එම අවස්ථාවේ ශම්‍යාගේ පෙම්වතා බව කියන මෙම සැකකාර 43 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන 35 හැවිරිදි කොස්ගොල්ල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම මෙම ප්‍රධාන සැකකරුට සැඟව සිටිමට ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදි රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන වෙනුවෙන් ඊයේ (24) රාත්‍රීයේ නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණා. මියගිය ශම්‍යා, වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතර, ඇය ඉකුත් ජුනි මස 3 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇත.

එහිදී සැකකාර පෙම්වතා විසින් හෝටල් කාමරයේ සිට ශම්‍යාගේ සිරුර ඔසවාගෙන යන CCTV දර්ශන පෙළක් ද මාධ්‍යයට නිකුත් වී තිබුණ අතර, ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකර ඇත.

දින 7ක් පුරා සැකකරු සෙවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකින් පසුව මෙසේ අඳාළ සැකකරුව කොටුකර ගැනීමට හැකි වූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, තමා මියගිය කාන්තාව නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැලලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් ය.

අද සිට අනිද්දා දක්වා සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි - ලොව පුරා රාජ්‍ය සේවකයින්ට උත්සව

අද සිට අනිද්දා දක්වා සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි - ලොව පුරා රාජ්‍ය සේවකයින්ට උත්සව

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි