මැලේසියාවේදී දිවි හානිකරගත් බව පැවසෙන කාන්තාවගේ දේහය දිවයිනට මරණය සැක සහිතයි

suicided Malesia Beruvala Chathurika Priyadarshani
By Sewvandhi Oct 16, 2021 07:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැලේසියාවේ රැකියාවකට ගොස් එහිදී දිවි හානිකර ගත් බවට පැවසෙන බේරුවල ප්‍රදේශයේ කාන්තාවගේ සිරුර අද දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ, 32 හැවිරිදි එම කාන්තාව මියගොස් මාස එකහමාරකට පසුවයි. එම කාන්තාවගේ මරණය සැක සහිත බවට ඇගේ මව චෝදනා කරනවා.

2019.12.30 වැනි දා චතුරිකා ප්‍රියදර්ශනී මැලේසියාවේ රැකියාවක් සඳහා පිටත් වුණේ බලාපොරොත්තු රැසක් පෙරදැරි කරගෙනයි. කොරෝනා වසංගතය තත්ත්වයත් සමග ඇය රූපලාවන්‍යාගාරයක රැකියාවට ගිය ඇයට එම රැකියාව කරගෙන යාමට හැකියාව ලැබුණේ මාස දෙකක පමණ කාලයක් පමණයි.

පසුව ඇයට එම රැකියාව අහිමි වී තවත් රැකියාවක් කිරිමට සිදු වුණා. මැලේසියාවේදී ඔහුට මුණ ගැහුණු තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක ඇයට රැකියාව කරන බවටයි ඇය තම නිවැසියන්ට දන්වා තිබුණේ. කෙසේ වෙතත්, මෙලෙස එම රැකියාවේ නිරතව සිටියදීත් ඇය තම නිවැසියන්ට දුරකතනයෙන් ඇමතුම් ලබා දී තිබුණා.

එහෙත්, 2021 අගෝස්තු 30 වනදායින් පසුව ඇය එකවරම නිහඬ බවටයි ඇයගේ මවගේ පවසන්නේ. ඇය එහිදි සියදිවි හානිකරගෙන ඇති බවට අදාළ රැකියා ස්ථානයේ භාරකාරයා විසින් දැනුම් දුන්න ද ඇයට කිසිවිටෙකත් ජිවිතය හානි කර ගැනීමට ගැටලුවක් නො තිබූ බවයි ඇයගේ මව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, මේ වනවිට ඇයගේ දේහය මෙරටට අද ගෙනවිත් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහරෝහලේදී සිදු කිරීමට ද නියමිතයි.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.