ලංකාව බංකොලොත් වෙයිද? රුපියල බිමටම වැටිලා
ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.71ක් හා විකුණුම් මිල රු. 308.20ක් ලෙස වාර්තා වේ.
මේ අනූව අද දිනට එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.53 ක් ලෙස සටහන් වී ඇත. ඉකුත් 2024 සැප්තැම්බර් 23 වැනිදායින් පසුව ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම මිල මෙය වේ.
මේ අයුරින් 2025 ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස10 තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.