ඉන්දියාවේ කෝටිපති මගුලකට යන ශ්‍රී ලංකාවේ දේශපාලකයින්.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka India
By Wayomi Jun 17, 2023 07:27 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ සුපිරි මංගල්‍යකට මෙරට දේශපාලන ප්‍රබලයන් සහ ව්‍යාපාරිකයන් රැසකට ආරාධනා කර තිබෙනවා.

ඒ, ඉන්දියාවේ සිටින සුපිරි කෝටිපතියකු ලෙස සැලකෙන ප්‍රකාශ් නායර් මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යටයි.

ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහට, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, අගමැති දිනේෂ් ගුණවර්ධනට සහ බැසිල් රාජපක්ෂට අරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විවාහ මංගලෝත්සවය ලබන අගෝස්තු මාසයේදී ඉන්දියාවේ කොචින්හි පිහිටි ෂෙරටන් හෝටලයේ පැවැත්වීමට නියමිතයි .

එමෙන්ම මෙහිදී මේ සියලු ආරාධිතයන්ට ඉන්දියාවට පැමිණීම සදහා පළමු පන්තියේ ගුවන් ටිකට් පත් ලබා දීමටද නායර් මහතා සැලසුම් කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම විවාහය වෙනුවෙන් දෙදිනක් සඳහා ෂෙරටන් හෝටලය සම්පූර්ණයෙන්ම වෙන්කර ගැනීමටද නායර් මහතා කටයුතු කර තිබෙනවා.