ගිණිකොන දිග මුහුදේ කැලඹිලි ස්භාවයක් නිසා ධිවර ජනතාවට රතු එළියක්...

Navy Fisheries Gagana news Department of Meteorolog Sri lankan Weather
By Subodha Mar 01, 2022 04:00 AM GMT
Subodha

Subodha

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිලිබද අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය විසින් අවවාධාත්මක නිවේදනයත් නිකුත්කර තිබේ.

ඒ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සදහා ය.

ඒ අනුව ගිණිකොන දිග බෙංගාල බොක්ක සහ ඊ්ට යාබද දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති කැලඹිලි ස්භාවය අඩු පිඩනකලාපයක් දක්වා වර්ධනය වි ඇති බව දක්වා ඇත.

ඉහත සදහන් මුහුදු ප්‍රදේශවල තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර පැයට කිලෝමිටර් 40ත් 50ත් අතර තද සුලං ඇතිවිය හැකි බව දන්වා තිබේ.

විටින් විට තද සුළං ඇතිවිය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමිටර් 60 දක්වා ඉහල යා හැක.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිනි‌කොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුල ධිවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.

ඉදිරි කාලගුණ අනාවැකි පිලිබදව අවදානයෙන් පසුවන ලෙස ධිවර හා නාවින ප්‍රජාවගෙන් ඉල්ලා සිටි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now